බැක්ටෝ බී.ටි.අයි® (ජෛවීය මදුරු කීට නාශකය)

බැක්ටෝ බී.ටි.අයි® (ජෛවීය මදුරු කීට නාශකය)Bti යනු මදුරු "ලාවා" අවස්ථාව විනාශ කර දමන ජනප්‍රිය බැක්ටීරියාවයි Bacillus thuringiensis විශේෂයේ israelensis ආකාරයයි. මෙමඟින් නිපදවනු ලබන සංශුද්ධ විෂමය ස්වභාවය මඟින් මදුරු ලාවා ආකාරය විනාශ කර දමයි තවද මෙය පරිසර හිතකාමි බැක්ටීරියාවකි. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙහි ඇති විශිෂ්ඨ වරණීය හැකියාවක් ඇති මදුරුවන්ගේ ලාවා අවස්ථාව පමණක් විනාශ කරන බැක්ටීරියාවක්විමයි. බී.ටි.අයි තාක්ෂණය "ලෝක සෞඛ්‍ය සංවිධානය" (WHO) හඳුනාගෙන ඇති ලොව පුරා යොදා ගන්නා මදුරුවන් සම්පූර්ණයෙන් විනාශ කරන බැක්ටීරියාවකි. බී.ටි.අයි තාක්ෂණය ශ්‍රි ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) යටතේ බැක්ටෝ බී.ටි.අයි යන නමින් බයෝපවර් ලංකා පුද්ගලික සමාගම මඟින් නිපදවනු ලබයි.

බැක්ටෝ බී.ටි.අයි හි ප්‍රතිලාභ මොනවාද?

බැක්ටෝ බී.ටි.අයි ඒකීය නිෂ්පාදනයකි. මෙමඟින් මදුරු ලාවා ආකාරය බෝවන ස්ථාන වලදීම ජෛව විද්‍යාත්මකව  විනාශ කිරීමේ හැකියාවක් ඇත. එම නිසා කාර්යක්ෂම ලෙස මදුරුවන් මුලික අවස්ථාවේදිම පාලනය කර ගත හැක.

එමඟින් පැතිරී යන මැලේරියාව, ඩෙංගු, චිකන්ගුන්යා හා Filariasis වැනි රෝග අවම කර ගත හැක.සංසන්දනාත්මකව බලන විට නිපදවනු ලබන කෘමිනාශක ද්‍රව්‍ය සමඟ බැක්ටෝ බී.ටි.අයි විශේෂයෙන්ම මදුරු ලාවා ආකාරයට පමණක් හානි පමුණුවයි.

මීට අමතරව වඩාත්වැදගත් වන්නේ මී මැස්සන්, සේද පණුවන් ද ස්වභාවික විලෝපිකයන් හා පරපෝෂිකයින් ද ජලජ ශාක හා සතුන්ට හානි නොවන බව පර්යේෂණාත්මකව තහවුරු කරගෙන ඇත.මෙය පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන අතර බැක්ටෝ බී.ටි.අයි සම්පුර්ණයෙන්ම මිනිසුන්ට හා අනෙකුත් ජීවීන්ට හානි නොකරයි.

ක්‍රියාකාරීත්වය

මදුරු ලාවා ආකාරය මෙම බැක්ටීරියාව අධි ග්‍රහනය  කල පසු මොවුන්ගේ මධ්‍යය බඩවැලෙහි අපිඡ්ඡද සෛල වල ක්‍රයාකාරීත්වය නිශේධනය කරයි. අනතුරුව දින කිහිපයක් නිරාහාරව සිටීම නිසා මදුරු ලාවා ආකාරය මිය යයි.

භාවිතය සඳහා නිර්දේශ

වර්ග මීටර 1ක ජල පෘෂ්ඨයක් සඳහා තනුක කල ද්රානවණයෙන් මිලි ලීටර් 10ක් අවශ්යවේ.

Mosquito Life Cycle

 

මදුරුවන් බෝවනස්ටාන තනුක කිරීම (වතුර ලීටර 10යකට)
වාරි ජල සැපයුම් මාර්ග, ජලාපවාහන මාර්ග, පොළව මතුපිට, ජලය රැඳෙන ස්ථාන, තෘණ පිට්ටනි වල ජලය රැඳෙන ස්ථාන, වඩ දිය නිසා ජලය රැඳෙන ස්ථාන ලවණ වගුරු, කුඹුරුවගාබිම් වල ජලය රැඳෙන ස්ථාන මිලි ලීටර 200
දුෂිත ජලය, සුපෝෂිත ජලය මිලි ලීටර 300
දුෂිත, ඇල්ගී බහුල, තුන්වන කීට අවධියේ අවසාන කාලය සහ හතර වන කීට අවධියේ මුල් කාලය ගත කරන කීටයන් අධික හෝ මදුරු ගහණය වැඩි ජලයට ඉහළ සාන්ද්‍රණ භාවිතා කරන්න.

අධික තාපයට හෝ හිරු එළියට නිරාවරණය නොවන පරිදි හොඳින් වාතාශ්‍රය ලැබෙන සිසිල් වියලි ස්ථානයක තබන්න. ජල පෘෂ්ඨය මත ඒකාකාර ලෙස ඉසින්න.

ප්‍රථමාධාර

ඇසෙහි තැවරුනු විට - පිරිසිදු ජලයෙන් ප්‍රවාහයක් සේ ඇසට වැටී සේදි යනසේ විනාඩි 15ක් වත් ඇස් සෝදා හරින්න. දැවිලි සහගත තත්වයක් පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න.

සමේ තැවරුනු විට - ශරීරය සබන් යොදා ජලයෙන් හොඳින් සෝදන්න. සමෙහි දැවිලි සහගත තත්වයක් පවතීනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න.

වෛද්‍ය උපදෙස්: විශේෂිත වු විෂනාශකයක් නොමැතී රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කරන්න.


මදුරුවන් බෝවන ස්ථාන